facebook apps centre


අප්පට මේ මෙකකද? සකර්බග් අපේ සල්ලි කන වැඩක්ද දෙයියනේ මේ කියලා ඔබ හිතයි.නෑ එහෙම දෙයක් නෙවෙයි මේ.අපි පාවිච්චි කරන සෝශල් නෙටිවර්ක් එකක් නේ facebook කියන්නේ.එහි තියෙන සෝශල් නෙට්වර්කිං පහසුකම් වල ප්‍රයෝජන වල ඉම වැඩි කිරිමට තමයි මෙම ඇප්ස් හදුන්වා දෙන්න යන්නේ.අනික මේ ඇප්ස් කියන්නේ පේස්බුක් සහයක වැඩ සටහන් වලට.ඔය චැට්,විඩියෝ කෝලිං වලට හදුන්වලා දුන්න ඇප්ස් දැනුත් තියනවනේ.

තව දෙයක් තියෙනවා මේ ෆේස්බුක් ඇප්ස් සෙන්ටර් එක කියන්නේ ගුගාල් ප්ලේ ,ඇපල් ඇපැස්ටෝ වගේ ඇප්ස් විකුනන තැනක් නෙවෙයි.එය ෆේස්බුක් සේවාවෙන් නොයෙක් වැඩ ගන්නට පුළුවන් සේ විවිධ අය විසින් සකසන ලද ඇප්ස් තිබෙන තැන් වලට යොමු කරන සේවාවක්.තවමත් දියත් කොට නැති ෆේස්බුක් ඇප්ස් සෙන්ටර් සේවයේ මුල් පිටුවේ ආකෘතියක් දැන් ෆේස්බුක් බ්ලොග් එකේ ඇත.එහි වැඩි විස්තර බලාගන්න(developers.facebook.com/blog/post/2012/05/09/introducing-the-app-center/)පුළුවන.එහි මුලික පෙනුම ඇපල් ඇපැස්ටො මෙන් වන බව විස්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.මෙහි පරිශිලිකයන්ට ඇප්ස් වලට තරු සලකුණ ලබා දී වර්ග කල හැක.එය ඇප්ස් වල ජනප්‍රය මනින කුමයකි.

ෆේස්බුක් ඇප්ස් සෙන්ටර් විශේෂයෙන් ඉදිරිලත් කරන්නේ මොබයිල් ඇප්ස්ය.මන්ද ලොව පුරා සිටින ෆේස්බුක් යාවජීව සාමාජිකයන් වැඩි දෙනෙක් පිවිසෙන්නේ මොබයිල් එකෙන් වීම නිසා.මෙම වෙබ් අඩවියට පිවිසුන විට දැනටමත් තනා ඇති ios,android හෝ වෙනත් වෙබ් ඇප්ස් තිබෙනු පෙනේ.ඒවා ඉල්ලු විට මෙම ඇප්ස් සෙන්ටර් වෙතින් කරනුයේ අදාලා වෙබ් අඩවිය වෙත යොමු කිරීම පමණක් වන අතර.ඉදිරියේදී ෆෙස් බුක් ඇප්ස් සෙන්ටර් වෙතින්ද ඇප්ස් බාගත කිරීමට හැකියාව ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.ඒ තාලයේ ඇප්ස් තනන්නට ලොව පුරා සිටින පරිගණක ක්‍රමලේඛන ශිල්පීන්ට ෆේස්බුක් සමාගම ආරාධනා කර සිටී.

මෙම ඇප්ස් සෙන්ටර් හුදෙක් ගුගාල් ප්ලේ,ඇපල් ඇපැස්ටෝ වෙත තරගයක් දීමට තනන ලද්දක් නොවෙයි.ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ ජනප්‍රිය අංගයක් නී තිබෙන ඇප්ස් සිය වෙබ් සේවාවට එක් කිරිමටය.එහි මුලීක පියවර තබමින් ලොව ප්‍රකට ෆොටෝ ඇප්ස් සේවාවක් වන ඉන්ස්ටග්‍රෑම් (instgram)සේවය ඩොලර් කොටි 100 ක් වියදම් කර මිලදී ගන්නා ලදී.මෙමගින් ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වන්නේ වෙබ් ඇප්ස් තනා ප්‍රසිද්ධ කිරිමත් ,ඒවා සාදන අකාරය ඉගෙන ගැනීමත් තුලින් ෆෙස්බුක් සේවාව දියුණු කිරිමට යොදා ගෑනිමට බව ෆේස්බුක් සමාගම පවසයි.

කෙසේ කීවත් දැඩි ලෙස මුදල් ඉපැයීමක් කරන ෆේස්බුක් සමාගම හෙට දවසේ කුමක් කරයිද කියා කිව නොහැක.එය ඇරඹුන දාට සියල්ල වටහා ගැනීමට හැකි වනු ඇත………

(අන්තර්ජාලය හා පොත පත ඇසුරෙනි)

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 7, 2012, in facebook. Bookmark the permalink. 1 Comment.

  1. hoda deyk

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: