shot story (අහිංසකාවී)


Image

හැමදාම වගේ මම එදත් වැඩට යන්න බස් එකට නැග්ගා.මම නැග්ග හැටියෙම ඇස් දෙක ගිහින් නතර වුනේ ලස්සන කෙල්ලෙක් ලග.ලස්සන කිව්වට එයා හරි චාම්.ඉග දක්කවා දිග කොණ්ඩය තනි කරලට ගොතලා දුඹුරු පාට ජින්ස් එකක් ඇදලා සුදු පාට ස්කර්ට් එකක් ඇදලා හිටියේ.මම තව ටිකක් ලගට ගිහින් බැළුවා.හරි අහිංසක මූණක් වගේම අඩන්න ලං වෙච්ච ඇස් දෙකක් තමයි තිබ්බේ.මට ලෝබ හිතුනා ඇස් දෙක දැක්ක ගමන්.හැබැයි එයාගේ විලාසිතාවෙන් දුප්පත් බව කියා පෑවා.ඒ දුප්පත් විලාසිතා වලට මම තවත් ආශා කලා.මට වැඩිය හිතන්නත් කලින් එයා බස් එකෙන් බැහැලා ගියා.මොකද එයා මට කලින් හෝල්ට් එකෙන් බස් එකට නැගලා විනාඩි දහයක වගේ ගමනකින් එයා බස් එකෙන් බහින නිසා.මම එයා බස් එකෙන් බැහැල යන විදිය දිහා බලන් හිටියා.එයා බිම බලාගෙනම බස් එකෙන් බැහැලා ගියා.

“මල්ලි සල්ලි”කියද්දි තමයි මම පියවි ලොකෙට ආවේ.වෙනදා බස් එකට නැග්ග හැටියෙම සල්ලි දෙන මම අද පරක්කු නිසා තමයි කොන්දොස්තර අයියා ඇවිත් සල්ලි ඉල්ලුවේ.අනික එයාලා දන්නවා මම කවරදාකවත් සල්ලි නොදී නොයන විත්තිය.එහෙම අමතක වුනත් පහුවෙනිද ට හරි දෙන විත්තිය. කොන්දොස්තර අයියා මගේ මූණ දිහා අමුතු විදියට බලලා මනමාල හිනාවක් දැම්මේ “මල්ලි සෙටිද?” කියලා අහන්න වගේ.මමත් අමාරුවෙන් මූණ හාදාගෙන හිනා වුනා.

මට වැඩට ගිහිල්ලත් හැම තිස්සෙම ඒ මූණ,බිම බලාගෙන ගිය ගමන් ලතාව මතක් වෙනවා.හිත හරියට බරයි.කොච්චර අමතක කරලා වැඩ කරන්න පටන් ගත්තත් ඒ මූණ මතක් වෙනවා.කීප දෙනෙක් ඇහුවා අසනීපයක්ද කියලා.මටත් මාර අප්සෙටි මොකද මේ වුනේ කියලා.ලොක්කගෙනුත් බැනුම් අහන්න වුනා මම මනෝ ලොකේ ඉන්න විත්තිය දැන ගෙන.හවස ඇවිත් ඉක්මනට නිදා ගත්තේ හෙට ඉක්මනට ඉර පායන්න කියලා.වෙනදා මම නිදා ගන්න කලියෙන් හිතන්නේ මේක දිග රැයක් වේවා කියලා.ඒ වුනාට අද මට මේ මොකද වෙලා තියෙන්නේ.

Image

බොඩිමේ ඇන්ටි දොරට ගහන සද්දේ ඇහිලා මම වෙලාව බැලුවා.අම්මෝ හොදටම පරක්කු වෙලා.මම දඩ බඩ ගාලා ලේස්ති වුනා වැඩට යන්න.මම වෙනදටත් වඩා වැඩි වෙලාවක් කණ්නිඩියෙන් හැඩ බැලුවා.මට හිතෙනවා මේ වැඩට යන්න නෙවෙයි නේ වගේ හැගීමක්.මම කවරදාකවත් මෙච්චර හැඩ වෙන්නේ නෑ.ඇන්ටි බෙදලා දුන්න බත් එකත් කිසි රසක් ගුනක් නැති විදියට කටට දෙකට කලා ගෙයින් එළියට පැන්නා.පුරුදු විදියට බස් එකට නැගලා මගේ ඇස් දෙක අංශක 360 ට කරකවලා බැලුවා ඒ අහිංසකාවිය.ඇය ඉදිරපස අසුනක කොනක වෙන්න වාඩි වෙලා ජනේල කවුළුවවෙන ඈත බලාගෙන ගණිත ගැටලුවක් විසදනවා වගේ බලන් ඉන්නවා.මටත් හිතුනා එයාගේ ගණිත ගැටලුව විසදන සූත්‍රය වෙන්න තිබුනානම් x=y කියන්න තිබුනා.මම තවත් එයා ඉන්න තැනට ලං වුනා.ඒත් දිගටම එයා කවුලිවෙන් ඈත බලාගෙන.මම එයාගේ මූණ දිහා හරියට දැහැනට සම වැදිච්ච සිත්තරෙකු වගේ ,තමන්තේ සිතුවමේ සියුම් තැන් පරික්ශා කරනවා වගේ

excuse me

මට සිහින් හඩක් අහුනා.එතකොට තමයි මම දැක්කේ ඇය බසින්න සූදානම් විත්තිය.එවිට ඇය යාන්තමින් මාදෙස බලා සිනා සිනි.ගියා.මට ඒ සිනහවට ප්‍රතිචාර දැක්වීමටවත් ඉඩ නොතබා ඇය බැස ගියා.මගේ අහිංසකාවී… මගේ අහිංසකාවී ..කියා මගේ හිත කෑ ගසා කියනවා.මම හිතට තරවටු කර තියා ගත්තා.ඒ අහිංසකාවි මගේ වෙන්න ඇත්නම් කියා යටි හිත තදින්ම කියනවා.ටික දවසක් අහිංසකාවිගේ රුව තදින්ම හිතට කා වදින විදියට සටහන් කර ගත්තා.

එදා වැහිබර දවසක් .මම බස් එකට නගින විට හිද ගෑනිමට අසුනක් නොමැති නිසා අහංසකාවීගේ අසුන අසල සිටියා.මම එක අතකින් බෑගයද අකෙත් අතේ කුඩයද තියා ගෙන අමාරුවෙන් සිටියා.බසයේ එතරම් පිරිසක් නොසිටි නිසා යම් පහසුවක් වුනා.අහිංසකාවි දෙන්න බෑග් එක අල්ල ගන්නයයි කියා ඉල්ලා සිටියා.අහිංසකාවිගේ අසුනට ඉදිරි අසුනේ සිටි කාන්තාව බසයෙන් බැසගියා.මම ඇයට හිතින් බැණ වදිමින් හිද ගත්තා.ඒ අවසරයෙන් මට අහිංසකාවිට ලං වෙන්න තිබුන අවස්තාව නැතිව ගියා.

මම හැමදාම උදේට අහිංසකාවිගේ මුහුණ දැකීමට බලාපොරොත්තුවෙන් තමයි බසයට නගින්නේ.අහිංසකාවිට ආදරෙයි කීමට සිත කිව්වත් මගේ බියගුලු උඩු හිත එය හැම විට වලකනවා.මම හැමදාම ඒ අහිංසක මූණ පමනක් දැක සිත සනසා ගන්නවා.ඒ උදෑසන තමයි මම මතක් කිරීමට අකමැතිම දවස.මම බසයට නැග අහිංසකාවි සොයන විට ඇය තම ජංගම දුරකතනයෙන් කතා කරනවා.ඒත් ඇයගේ ඉරියව් වෙනස්.මගේ හිතට සැකයක් ආවේ ඒ ඇයගේ පෙම්වතාද කියා.ඒත් හිතට අවවාද කොට ඒක එහෙම නොවන විදියට හිතා ගත්තා.ඒ අහිංසකාවිගේ යාළුවෙක් තමයි මේ කතා කරන්නේ.ඒසේ සිතමින් සිටියා.ඊට පසු දිනත් මම බසයට නගිද්දි අහිංසකාවි කොදොල් වෙමින් ඇමතුමක් ලබා ගෙන සිටිනවා.මම ඇගේ හෑන්ඩ් ෆෝන් එකට තදින්ම වෛර කලා.මෙසේ සෑම දිනම ඇය දුර කතනයෙන් තොදොල් වී කතා කරන ආකාරය බලා සිටීමට පවා නොහැකි විය.මගේ බලාපොරොත්තු සුන් විය.මගේ උඩු හිතට මම වෛර කරමි.මට දැන් අහිසාකාවි වෙන තරුණයකු සමග ආදරෙයෙන් අත් අල්ලාගෙන යනවා.මම ඒ තරුනයාටද වෛර කරමි.ඊර්ශියා වන්නෙමි.

දැන් මම ඇය යන බසයේ නොයන්නෙමි.අහිංසකාවි වෙන අයෙක්කුගේ කියා සිතන විටත් මට දුක් ගෙන දේ.ඇය හිමි කුමාරයා මම වන්නෙමියි ලබන සසරෙදිවත් පතන්නේමි.

Image

කතාවේ අඩු පාඩු දක්වන්න…මේ මම ලියපු පළවෙනි කතාව නිසා.

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 9, 2012, in story and tagged . Bookmark the permalink. 2 Comments.

  1. adenawa suda

Leave a reply to kaveendra Cancel reply