‍secret service


ඔයාලා ද්නනවනේ අපි බලන film වල එක එක ජාතියේ ඔත්තු සේවා ගැන කියවෙනවා.ඒවා රාඡ්‍ය හා පුද්ගලික ඔත්තු සේවා ලෙස පෙන්වනවා.ඒ වගේ ඔත්තු සේවා ගැන කියවෙන film එකක් තමයි mr @miss smith කියන්නේ.ඒ film එක මෙතනින් බලන්නකෝ එහෙනම්.ඔයාලා හිතයි මම මේ කතා කරන්න යන්නේ ඒ වගේ රහස් ඔත්තු සේවා ගැන කියවෙන film ගැන කියලා.අපෝ නෑ….

මේ කියන්න යන්නේ සමහර වෙලාවට ලෝක සාමයට හිතකර තවත් වෙලාවකට ලොකය විනාස කරන්නට තරම් හේතු වෙනඒ වගේ ඔත්තු සේවා ගැන තමයි

cia-central intelligent agency

මධ්‍යම බුද්ධි ඒජන්සිය

ලොව විශාලතම බුද්ධි ඒජන්සිය මෙයයි.දෙවන ලොක යුද සමයේ oss-office of strategic service නමින් ආරම්භ විය.පසුව cia-central intelligent  agency නමින් 1947 දී වෙනස් විය.මෙහි සේවකයන් 20,000 වැඩි පිරිසක් සේවය කරන බව පැවසෙනවා.වෙනත් රටවල සිට බුද්ධිමය රහස් එකතු කිරීම සහ නිති සම්පාදනය කිරීම මෙම ආයතනය මගින් සිදු කෙරෙනවා

CIA-ඇමරිකා

cia ඇමරිකා ආයතනය තම රට තුල හා වෙනත් රටවල මෙම ආයතනයේ නියෝජිතයින් යොදමින් රහස් බුද්ධිමය තොරතුරු එක් රැස් කරයි.ඔසාමා බින්ලාඩ්න් ඝාතනය කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දී ඇත්තේ මෙම ආයතනයයි.එහෙත් මෑතක සිට මෙම ආයතනයේ බුද්ධිමය තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබද ගැටලු පවතී.එහෙත් ලොව අංක එකේ බුද්ධි තොරතුරු ඒකකය මෙය ලෙස හුදු පිළිගෑනීම වේ.

 

MI6-MILITARY INTELLIGENCE 6

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය

1909 දී රහසිගත සේවා බියුරෝව ලෙස ආරම්බ කෙරුණි.එය වර්තමානයේදී mi6 නමින් හදුන්වයි.මේ ආයතනයේ අභ්‍යන්තර කටයුතු කරන ඒජන්සිය mi5 ලෙස හදුන්වයි.මෙහි මූලස්තානය වොක්ස්හෝල් ලන්ඩන්හි පිහිටා ඇත.

 

RAW-ඉන්දියානු බුද්ධි ඒජන්සිය

research and analysis wing ලෙස හැදින්වෙන මේ ආයතනය 1968 සැප්තැම්බර් මස 21 වන දින පිහිටුවන ලදී.මෙහි මූලස්ථානය නවදිල්ලියේ පිහිටා තිබෙන අතර ඉන්දීය අගමැති කාර්යාලයෙන් පාලනය වේ.අපේ රටේ යුද්ධයට වක්‍රආකාරයෙන් මැදිහත් වීමක් සිදුවිය.විටක එය එල්ටීටියටද අනෙක් විට රජයට ද සහයොගය දැක් විය.මෙය බුද්ධි අංශයක දෙඩිපිළිවෙත පිළිබිඹු වන අවස්තාවකි.

ASIS- ඕස්ට්‍රේලියාව

australian secret intelligence service ලෙස මෙම ආයතනය හදුන්වයි.1952 මැයි මස 13 වන දින පිහිටුවන ලදී.ඕස්ට්‍රේලියානු විදේශ කටයුත් අමාත්‍යංශ්‍ය මගින් පාලනය වේ.මේ බුද්ධි අංහයේ ප්‍රධාන කාර්යාලය කැන්බරා නගරයේ පිහිටා ඇත.

DGSE-ප්‍රංශය

directorate general for external security නමින් හැදින්වෙන ප්‍රංශ ඔත්තු සේවය එරට ආරක්ශක අමාත්‍යංශය මගින් පාලනය වේ.1982 අප්‍රේල් 2 දින ආරම්බ කරන ලදී.එහෙත් පසුව dcri-directorate of interior intelligence හා එක්ව විදේශ රටවල් වලින් එන තර්ජන සොයා බලා කටයුතු කරයි.මෙහි 5,000 ක් පමණ දෙනා සේවය කරයි.

 

BND- ජර්මනිය

bundes nachrichten dinest නමින් 1996 අප්‍රේල් 01 වෙනිදා පිහිටුවන ලදී.ජර්මන් රජයේ චාන්සර්ලර්වරයාගේ කාර්යාලය මගින් පාලනය කරයි.මෙහි 6500 පමණ දෙනෙක් සේවය තොරතුරු එක් රැස් කරයි.තොරතුරු එක් රැස් කිරිම සදහා සන්නිවේදන කටයුතු වලට සවන් දීමක් සිදු කරයි.

MSS-චීනය

ministry of state security යන නමින් හැදින්වෙන්නේ චීන බුද්ධි අංශය එරට අගමැති කාර්යාලය මගින් පාලනව කෙරේ.මුලස්ථානය බීජින් නුවර පිහිටා ඇත.මෙය පිහුටුවීමේ අරමුණ වූයේ විදේශීය බුද්ධි තොරතුරු එක්රැස් කරගමින් තම රටට සිදුවිය හැකි දේශපාලන,යුධමය අනතුරු වලින් ආරක්ශා කරගෑනීමටය.එහෙත් මෑතක සිටපරිගණක මගින් එල්ලවන සයිබර් ප්‍රහාර වලින් රට ආරක්ශා කර ගැනීමටයි.

MOSSAD- මොසාඩ්-ඊශ්‍රායලය

central institute for coordination යන නමින් 1949 දෙසැම්බර් 13 වෙනිදා පිහිටුවන ලදී.ඊශ්‍රාලය සතු මෙම බුද්ධි අංශය ha-moasad-le-modiin-u-le-tafqidim meyuhadim යනුවෙන් දිගු වන අතර මෙහි ඉංග්‍රිසි තේරුම වනුයේ the institute for intelligence and special operations ලෙසයි.අභ්‍යන්තර බුද්ධි අංශ එක්ව කටයුතු කරන මෙම ආයතනය අගමැති යටතේ පාලනය වේ.

ISI-පකිස්ථානය

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර මුලස්ථානය කොට ගෙන පිහිටා ඇති මෙම ආයතනය 1949 දෙසැම්බර් 03 වෙනි දින ආරම්බ කරන ලදී.මෙහි දිගු නම වනුයේ inter services intellignece  නම් වේ.මෙහි දැනට 10,000 අධික පිරිසක් සේවය කරයි.

 

මෙ දක්වා ඇත්තේ නිතර පුවත් මවන බුද්ධි අංහ පමණි.අපේ රටේ බුද්ධි අංහ කිහිපයක් ඇත.එමෙන්ම මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකය ලෙස වෙනම ආයතනයක් වේ.මෙම ආයතනය ජනාධිපති යටතේ පවතී.මීට අමතරව යුධ,ගුවන් ,නාවික,පොලිස් බුද්ධි අංශද ඇත.එහෙත් මේවායේ තොරතුරු අප්‍රකටය

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 14, 2012, in Article and tagged . Bookmark the permalink. 6 Comments.

  1. wedagath wistharayak irane gena kiyanna:-P

  2. Lalith Jayasundara

    Very good……Russia eka genath kiwwanam hondai

    • lalit රුසියාවේ තනිකර ආරක්ෂක අමාත්‍යංශය හා එහි විස්තර ක්‍රියා කාරකම් ලොකයෙන් වසන් කර තිබෙන්නේ.හොයා ගන්න ලැබුනොත් අනිවාර්යෙන්ම දානවා….

  3. හොද විස්තර ටිකක් තියෙන්නේ.මේවා ගොඩක් වටිනවා.මම නම් මෙවගේ විස්තර ටිකක් කියවපු පළවෙනි වතාව.

  4. ලංකාවේ එක ගැනත් මොනවා හරි කියන්න 🙂

    • මෙ දක්වා ඇත්තේ නිතර පුවත් මවන බුද්ධි අංහ පමණි.අපේ රටේ බුද්ධි අංහ කිහිපයක් ඇත.එමෙන්ම මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකය ලෙස වෙනම ආයතනයක් වේ.මෙම ආයතනය ජනාධිපති යටතේ පවතී.මීට අමතරව යුධ,ගුවන් ,නාවික,පොලිස් බුද්ධි අංශද ඇත.එහෙත් මේවායේ තොරතුරු අප්‍රකටය

      සවිස්තරව ලැබුනොත් දාන්නම්

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: