Mouse


මෙහෙම දැම්මම ඔයාලා බලයි මේ මොකක් ගැනද මේ කියන්නේ කියලා?

මෙහෙම කිව්වම අපිට දෙකක් මතක් වෙනවා

                                                                       1.මීයා

                                                                       2.කොම්පියුටරේ මීයා

 

අන්න ඒ දෙවනියට කතා කරපු මීයා ගැන තමයි අද කියන්න යන්නෙ.කොම්පියුටර් මවුසයේ ඉතිහාස කතාව.

කොම්පියුටරේ සමග අපට ඕනෑ හැටියට ගනු දෙනු කළ හැකි උපාංගයක් ලෙස මවුසය හැදින්විය හැකිය.දැන් මෙම මවුසයට වයස අවුරුදු 44 කි.මවුසය මගින් පරිගනක තිරයේ ටෙක්ස්ට් කපා ඉවත් කිරිමි සහ නැවත ඇලවීම කරන්න පුළුවන් බව ලොවට ප්‍රදර්ශනය කලේ 1968 දෙසැම්බර් 9 වෙනිදාය.ඒ කියන්නේ 1968 දී අපි මේ මවුසයයෙන් වැඩිපුරම කරන cut and paste කිරිම හදුන්වා දුන්නෙත් එදා.මේ සංකල්පය මුලින්ම ප්‍රකාශ කලේ ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට් විසිනි.

ඩග්ලස් එන්ගල්බර්ට් සහ ඔහුගේ සංකල්පයට මුලින්ම සැදූ මවුසය සමග

ඩග්ලස් එන්ගල්බර්ට් ගේ මෙම සංකල්පයට අනුව යමින් ලෙව පළමු පරිගණක මවුසය නිපදවූ යේ ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ ඉංජිනේරුවෙකු වූ බිල් ඉංග්ලිෂ් විසිනි.

බිල් ඉන්ග්ලිෂ් විසින් මවුසය පරික්ෂා කරන අයුරු

 

1968 දෙසැම්බර් සැන්ෆ්‍රැසිස්කෝ නුවර පැවැත්වූ පරිගණක සම්මේලනයේදී ක්‍රියාත්මක පෙන්වූ මෙම මවුසය තනා තිබුනේ ලීයෙනි.රෝද දෙකක් තිබූ එහි ක්ලික් කිරීමට තිබුනේ එක් රළු බොත්තමක් පමණි.දිගු මහත වයරයකින් පරිගණකයට සම්බන්ධ කරන ලදී.මේ මහත වයරය වලිගයක් සේ පෙනුන අතර සම්පූර්ණ උපාංගයම සෙල්ලම් මීයෙක් වගේයැයි ස්ටෑන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ සේවකයෝ කීහ.ඒ තේරුමින් ඔවුන් මුල පටන්ම මේ උපාංගයට මවුස් කියා හැදින්විය.

මවුසය මුලින්ම හදුන්වා දුන් කාලයේ පරිගණක යන්ත්‍ර තිබුනේ පර්යේෂණාගාරවලය.වඩා බරැති විශාල යන්ත්‍ර වූ මේවා සමග වැඩ වැඩ කරන්නට ඒ කාලයේ තිබුනේ ලී මවුස් කිහිපයකි.ඒවාද අතින් සාදන ලද ඒවාය.

පරිගණකය සාමාන්‍ය මහජනයා වෙත ආවේ 80 දශකයේදීය.ලොව පලවෙනි වානිජ මවුසය සාදන ලද්දේ සෙරෙක්සෝ සමාගමය.මේ සදහා තාක්ෂණික සහය ලබා දෙන ලද්දේ මුල්ම මවුසය සාදූ බිල් ඉන්ග්ලිෂ් විසිනි.එය වෙලද පොළට ආවේ 1981 දීය.එය හදුන්වන ලද්දේ xerox 8010 star information system පරිගණකය සමගිනි.

එදා පටන් මේ දක්වා මවුසය නොයෙක් තාලයට අලුත් වෙමින් වෙළද පොළට ආවේය.රැහැන්රහිත(wireless) මවුසය ආ විට මීයාගේ වලිගය හැලී ගියත් නම වෙනස් වූයේ නැත.ටච් ස්ක්‍රීන තාක්ෂණය නිසා මවුසය අනාගතයේදී අභාවයට යන්නට පුළුවනි.එහෙත් දැනට වැඩියෙන්ම නිපදවන පරිගණක උපාංගය වන්නේ මවුසයයි.

1982 දී p4 නම් මවුසය සාදමින් ලෝකයාට මවුස් සෑදීමට පටන් ගත් ඇමරිකාවේ ලොජිටෙක් සමාගම වරක් පැවසූවේ තමන් මේ වන විට මවුස් උපාංග කෝටි 100ට වඩා නිපදවා ඇතිබවය.

මවුසයේ ආනාගතය කවරදා නිමා වෙයිද කියා තවම කිව නොහැකි වුවත් එය අභාවයට යෑම වැලැක්විය නොහැත.එහෙත් මෙම උපකරණය නිසා පරිගණක බාවිතා කරන්නන්ට ඉතා පහසුවකි.එවෙනි පහසුවක් ලබා දීමට කටයුතු කළ සියලු දෙනාට අප කෘතගුණ වන්නේමු.

                                                                                                                                                    (අන්තර්ජාලය හා පොත පත ඇසුරෙනි)

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 17, 2012, in computers and tagged . Bookmark the permalink. 5 Comments.

  1. මටත් කොච්චර උදව් වෙනවද කොම්පියුටර් වැඩ වලදී මේ මවුස් එක.

  2. වටිනා කියන තොරතුරු ටිකක්. අපි පාවිච්චි කරන දේවල්වල අතීතේ ගැන අපි දැනගෙන ඉන්න එක වටිනවා

  3. thanjs siyall4u:-$

  4. අපි දන්නේ මොනවද? නියම වැඩක් ජය වේවා…..!!!!!!!!!!!!!!!!!!

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: