microsoft web apps


අද මම කියන්න යන්නේ ඔයාලා කව්රුත් දන්න මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලේ දෙන සේවාවන් ගැන…

පිස්සුද බිල් ගේට්ස්ට.එකා ඇල් පෙනෙත්තක් නිකන් දෙන්නේ නෑ.එහෙම එකේ ඕවා බොරු කතා

ඔව් බිල් ගෙට්ස් අපිට නිකන් දෙන්නේ නෑ සොෆ්ට්යෙටාර්.ඒත් නිකන් දෙන සේවාවන් තියෙනවා….ඒත් මේවා එදිනෙදා ජිවිතයේදී අපි නොදැනුවත්මත් බාවිතා කරනවා.ඔබ දන්නා සහ නොදන්නා සේවාවන් ගැන තමයි මේ කියන්නේ…..

සැකයක් නැතිව ඇවිත් එහෙනම් බලන්නකෝ

වින්ඩෝස් ලයිව් ස්කයි ඩ්‍රයිව්

ස්කයි ඩ්‍රයිව් යනු ෆයිල් රදවා තබන හුවමාරු කළ හැකි සේවාවකි.මෙය හරියට mediafire ;google drive;dropbox වැනි සේවයකි.ඔනෑම කෙනෙකුට මෙහි  25 gb ක ප්‍රමාණයක ෆයිල් රදවා තබාගෙන ශෙයාර් කරන්නට පුළුවනි.මෙයට ෆයිල් වෙබ් අඩවිය තුළදීම තනා අප්ලෝඩ් කිරිම සාමාන්‍ය ක්‍රමයයි.එහෙත් ඔනෑම තැනකදී වෙබ් බ්‍රව්සරය හරහා මෙම වෙබ් ගොනු විවෘත කර බලන්නට පුළුවනි.ඒ නිසා යමෙකුට තමන්ගේ කොම්පියුටරය ගෙන යන්නට ඔනෑ නැත.ස්කයිඩ්‍රයිව් ගිනුමක් සදා ගත්ත්තොත් ප්‍රමානවත්ය.එක් ගොනුවක් 50mb ප්‍රමානයේ විය යුතුය.එකවර එවෙනි ෆයිල් 5 ක් අප්ලෝඩ් කළ හැකිය.එහෙත් ඊට වඩා පහසුකම් අවශ්‍ය නම් ස්කයිඩ්‍රයිව් මගින් ලබා දෙන ටූල්ස් පාවිච්චි කළ යුතුය.

ස්කයිඩ්‍රයිව් වෙත අප්ලොඩ් කරන ෆයිල් නැවත බලන්නට වින්ඩෝස් ලයිව් අයිඩී කියා හදුන්වන පාස්වර්ඩ් එක අවශ්‍ය කර තිබේ.ඒ නිසා ෆයිල් වෙන අය වෙත පත්වීම වැලැක්වෙයි.එහෙත් අවශ්‍ය අය වෙත පමණක් වුවත් ලබා දිය හැක.එවිට ඒ අය නම් කළ යුතුවේ.ඕනෑම කෙනෙතුට ෆයිල් හුවමාරු කිරීමට ද අවස්තාවක් ලබා දී ඇත.එවිට කල යුත්තේ අදාල ගොනුව public යටතේ රැදවිය හැත.2007 අගොස්තු 01 වෙනිදා මෙම සේවය පටන් ගත් අතර එදා එය හැදින්වුයේ වින්ඩෝස් ලයිව් ෆෝල්ඩර්(windows live folders)කියාය.2008 මැයි 22 පටන් එය ස්කයිඩ්‍රයිව් ලෙස නම් කලේය.

ඔබට අවශය නම් මෙතනින් වින්ඩෝස් ලයිව් ගිණුමක් ආරම්බ කල හැක.

මයික්‍රොසොෆ්ට් මැප්ස්

අපි කව්රුත් දන්නා ගුගාල් මැප්ස් වැනි සේවාවකි මයික්‍රොසොෆ්ට් බින්ග් මැප්ස්.ලෝකයේ බොහෝ නගරවල ත්‍රිමාන ආකෘති මෙමගින් ඉදිරිපත් කරයි.ඊට අමතරව ඉතා පැහැදිලි චන්ද්‍රකා සිතියම්ද මෙම සේවාව මගින් ඉදිරි පග් කරයි.මුලින් මෙම සේවාව හැදින් වුයේ චර්චුවල් අර්ත්(virtual earth)කියාය.2009 ජුනි 03 වෙනිදා සිට එය මයික්‍රොසොෆ්ට් බින්ග් සර්ච් එන්ජිම සමග ඈදා බින්ග් මැප්ස් කියා හදුන්වයි.

මයික්‍රොසොෆ්ට් බින්ග් මැප්ස් වලට මෙතනින් යන්න

දැන් අන්තර්ජාලයේ තිබෙන ජනප්‍රිය සේවාවකි සින්ක් (sync)සේවා.ගෙදර හෝ යම්තැනක සිට කරන වැඩ,මෙම සේවාව සපයන වෙබ් අඩවිය හරහා කළ විට ලොව ඔනෑම තැනකදී නැවත ඔනෑම වෙලාවකදී පුලුවන.එමෙන්ම මෙම වෙබ් අඩවිවල සිට කරන ලිපි ලේඛන විඩියෝ ඕඩියෝ සංස්කරණය කිරීම් එවලේම යාවත්කාලීන වීමය.අනෙක් කාරනය තමයි ලොව රටවල් කිහිපයක සිටින කිහිප දෙනෙකුට වුවද යම් ගොනුවක වැඩ කරන්නට පුළුවන.හරියට එකම පරිගණක ජාලයක වැඩ කරනවා වගේ හැගීමක් ඔබට ඇතිවෙයි.

මෙම අළුත් පන්නයේ වෙබ් අඩවිවල වැඩ එකවර,එකිනෙකට සමගාමිව වැඩ කරන්නේය යන තේරුම දෙන ඉංග්‍රීසි වචනය වන synchronization යන වචනයෙන් බීදී ආ වචනය වන සින්ක් (sync) යන වචනයෙන් මෙම සේවාව හදුන්වයි.මෙම වෙබ් සේවාවල වැඩ කරමින් සිටීම යන්න කියන්නට සදාගෙන තිබෙන අලුත් ඉංග්‍රීසි වචනය වන්නේ සින්සිං(syncing )ය.

සින්සිං සේවා ලබා දීම සදහා විශේෂයෙන් සැකසූ මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවි දෙකක් තිබේ.වින්ඩෝස් ලයිව් සින්ක් සහ ලයිව් මෙෂය. එහෙත් දැන් ලයිව් සින්ක් නැත.ඒ වෙනුවට එසෙන්ට්ල්ස්(essentials) කියා හදුන්වයි.මෙම කුඩා ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට ඒ අත්දැකීම විදිය හැක.ඔන අය  මෙතනින් යන්න.අනිත් සේවාව වන මෙෂ් සේවාවද එසෙන්ට්ල්ස් ඇප් එකේ ඇති මෙෂ් සබ් ඇප් එක ක්‍රයාත්මක කල යුතුය.මෙය ඕනෑම ජංගම උපකරණයක සමග උවද වැඩ කල හැකිය.මෙහි විශේෂත්වය වන්නේ ලයිව් ඩෙක්ස්ටොප් සේවාව ලබා දීමයි.

2008 මාර්තු 10 වෙනිදා මුලින්ම මෙම සේවාවන් මයික්‍රොසොෆ්ට් සමාගම විසන් පටන් ගන්නා ලදී.එය 2005 නොවැම්බර් 03 වෙනිදා බයිටැක්ස් සමාගමෙන් මෙම සේවාව මිලදී ගෙන ඇත.

වින්ඩෝස් ලයිව් වර්ක්ස්පේස්

මෙය ගුගාල් ඩොක් වැනි ගති ලක්ෂණ ඇති වෙබ් සේවාවකි.මෙය තනිකරම මයික්‍රොසොෆ්ට් ඔෆිස්  මෘදුකාන්ගයේ අතුරු මුහුනත ඇති ඩොකුයුමන්ට් ඇප්ස් එකකි.මෙය ඔෆිස් පැකේජයේ ඇති සියළු දේවල් කල හැකි ඇප් එකකි.ඒක නිසා වැඩි විස්තර ඔයාලට අවශ්‍ය නෑනේ.එහෙම විශේෂ විස්තරයක් අවශ්‍යනම් දන්වන්න.පරිගණකයේ ඔෆිස් ඉන්ස්ටෝල් කරගෙන දුක් විදිනවට වඩා මෙම ක්‍රමයට ඔබට ඩොක්ස් සදාගත හැක.එමෙන්ම මේවා ඔන්ලයින් ක්‍රමයට සේව් කලහැකි නිසා අන්තර්ජාලය ඇති ඕනෑම තැනක සිට මෙහි වෙනස්කම් කලහැක……

වර්ලඩ් වයිඩ් ටෙලෙස්කෝප්

අන්තර්ජාලයේ ගතිගුන පෙරටු කරගනිමින් තමන්ට අවශය සේවා ඉටු කරගැනීමට පරිගණක පරිශිලකයන්ට උදව්දෙනවාට වඩා වෙනස් ඔන්ලයින් සේවයකි.මයික්‍රොසොෆ්ට් වර්ල්ඩ්වයිඩ්  ටෙලෙස්කෝප් (wwt)කියා හදුන්වයි.2008 මැයි 12 වෙනිදා ඇරඹි මෙය ගුගාල් ස්කයි සේවය මෙනි.මුළු විශ්වයම පරිගණක තිරය මතට ගෙනෙන දුරදක්නයක් මෙනි.මුලින්ම වර්ල්ඩ් වයිට් ටෙලෙස්කෝප් ඇප් එක ඉන්සටෝල් කරගත යුතුය.මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න.ඉන්පස් ලොකයේ නොයෙක් තැන්වල තිබෙන දුරදක්නවලින් ලැබෙන රූපාවලිය.ලොකයේ නගර 550 ට වැඩි ඉහල අහස් මෙම වැඩ සටහනින් පෙන්වයි.

සද සහ වෙනත් ග්‍රහලෝක විශාලනය කරමින් බලන්නට පුළුවනි.හරියට ගුගාල් අර්ත් ඔස්සේ නගර විශාලනය කරනවා හැගීමකි.එමෙන්ම හබ්ල් දූරේක්ශයෙන් ගන්නා ලද දුර්ලබ ජායාරූප නැරබිය හැක.හරියට තාරකා විද්‍ය පර්යේෂනාගාරයක සිටියා වැනි අත්දැකීමක් ඔබට දැනෙයි.මෙම සේවාව ලෝකයේ බොහෝ විද්වතුන්ගේ පැසසුමට ලක්විය.

මයික්‍රොෙසාෆ්ට් සමාගමේන් ලබා දෙන බොහෝ සේවාවන් වින්ඩෝස් ලයිව් එකව්න්ට් එකක් අරඹීමෙන් පහස්වෙන් ලබා ගත හැක.

ඔබට ජය…………………………

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 19, 2012, in internet. Bookmark the permalink. 5 Comments.

  1. සුපිරි මචන් මම ඕවයින් දානං හිටියේ දෙකක් පමණයි කලින්.

  2. asanka karunarathana

    පිං සිද්ධවෙච්චාවේ බිල් මාමට…..

  3. good job siyalla4u

  4. shamali upekasha

    mam hithuwe bil kiyanne thnikara kunek kyalane

  5. බිල් ගේට්ස් නරකම නැහැ වගේ 🙂

Leave a reply to asanka karunarathana Cancel reply