opera 12


ලෝකයේ දැනට ජනප්‍රියතම වෙබ් බ්‍රවුසර් 5ක් තියනවනේ.ඒ අතරින් ඔයාලා කැමති  මොන වෙබ් බ්‍රව්සරයද?

එක්කෙනෙක් කියයි ක්රෝම් කියලා,තව කෙනෙක් කියයි ගිණි නරියා,තවත් අය ඔපෙරා කියලත් කියාවී.ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි මයික්‍රොසොෆ්ට්ලගේ ,ජනේලෙත් එක්ක ලැබෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලටනම් කැමති නැතුව ඇති.ඒ ගැන දැන ගන්නට comments වල දාන්න බලන්න.

හරි දැන් ඒ වල් පල් වලින් වැඩක් නෑ. දැන් මං මේ කියන්න හදන්නේ ඔපෙරා කියන වෙබ් බ්‍රවුසරය ගැන තමයි.ඔපෙරා කිව්වම ඔයාලට වින්ඩෝස් සමග වැඩ කරන වෙබ් බ්‍රවුසරය ට වඩා ඔයාලා කැමති මොබයිල් වෙබ් බ්‍රවුසරයක් විදියට පාවිච්චි කරන්නනේ.ඒකට එක හේතුවක් තිබුනා මොකද ඔපෙරා සමාගම වෙනස්වන වෙබ් තාක්ෂණය සමග වේගයෙන් වෙනස් නොවීමයි.මුලින් එය ඉතා හොද කාර්යක්ෂම තාවයක් පෙන්නුවත් පසුව යම් පසු බෑමකට ලක් විය.මේ දිනවල එම පසු බෑම ගිණි නරියා තුලද ඇත.එයින් යම් තාක් දුරට ඔවුන් මේ වන විට නව ගිණි නරියා සංස්කරනය තුලින් එම පසු බෑම වලක්වා ඇත.

ඔක්කොටම කලින් ඔපෙරා වෙබ් බ්‍රවුසරයේ ඉතිහාසය ගැන පොඩි හැදින්වීමක් කරන්නකෝ.මේ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මුලින්ම ආවේ 1994 දී ඔපෙරා 1 කියලා.එය මුලින්ම හැදුවේ ටෙලෙනෝර් (telenor)කියන  නෝර්වේජියානු සමාගමක් විසින්ය.ගොඩක් සමාගම් වගේ මෙම සමාගමෙන් වෙන් වී   1995 දී ඔපෙරා සොෆ්ට්වෙයාර් කියලා නව සමාගමක් මගින් මෙය වැඩි දියුණු කරන ලදී.මෙහි දෙවන සංස්කරණය වන ඔපෙරා 2 ක 1996 දී නිකුත් කරන ලදී.එහෙත් මෙම සංස්කරණය වින්ඩෝස් සමග පමණක් ධාවනය විය.1998 දී ජංගම උපකරණ මත ධාවනය වන සංස්කරණය නිකුත් විය.2000 වසරේදී ඔපෙරා 4 නිකුත් විය. එය ඔනෑම මෙහෙයුම් පද්දතියක් මත ධාවනය විය.ඉන් පසු ඔපෙරා සංස්කරණය ඇඩෝන සමග ධාවනය වන පරිදි වැඩිදියුණු කරමින්ම ඔපෙරා 5 ලෙස 2000 වසරේදීම නිකුත් විය.ඉන් පසු ඔවුන් සාර්ථක සංස්කරණයක් ලෙස නැවත එළි දත්වන ලද්දේ 2005 වසරේදී නිකුත් කරන ලද ඔපෙරා 8.5ය.ඉන් පසු ඔපෙරා 9.1 සහ 9.5 යන සංස්කරණ දෙක 2006 වසරේදී නිකුත් වියතමෙහි විශේෂත්වය වන්නේ ෆියිෂින්ග් හා මැල්වෙයාර් වලට එරෙහිව වැඩකිරිමට ඔපෙරා වෙබ් බ්‍රවුසරයට හැකි විය.ඔපෙරා 10.5 ජාවා ස්ක්‍රිප්ට් වලට සහය දක්වන ලෙස වැඩි දියුණු කරන ලදී.10.10 ලෙස මෙය 2009 දෙසැම්බර් මස නිකුත් විය.2010 දෙසැම්බර් 16 වන දින බොහෝ වෙනස් කම් සහිතව ඔපෙරා 11 නිකුත් විය.මෙය ලොව පුරා මිලියන 6.7 දෙනෙකු බාගත කරගෙන තිබුණි.මෙය තමයි ඔපෙරාවල උච්චම අවධිය ලෙස සැලකෙන්නේ.

ඉන් පසු වසර 2 කකට ආසන්න කාලයකට පසු ගිය දා එනම් 2012 ජුනි 14 වෙනිදා ඔපෙරා 12 නිකුත් විය.මෙය ඔබ කලින් අත් විදි ඇති ඔපෙරාවල ඇති සුමට හා වේගවත් ඉන්ටර්නෙට් අත් දෑකිම තවත් වර්ධනය කිරීමකි.අපි කවුරුත් දන්න දෙයක් තමයි අපේ රටේ වගේ මන්දගාමී (හැබැයි දුරකතන සමාගම් එසේ කියන්නේ නැත) අන්තර්ජාල සබදතා ඇති අයට ඇති ටර්බෝ ඇඩෝනය ක්‍රියාත්මක කලහැක.එය පැරණි ඔපෙරා වලට වඩා මෙහි කාර්යක්ෂම තාවය වැඩිය.එමෙන්ම හැමදාම ඇසට ප්‍රියඋපදවන පෙනුමක් ගත් ඔපෙරා,මෙම නව සංස්කරනය තුල විශාල තීම්(themes) එකතුවක් ඇත.එමෙන්ම ඔබට අවශ්‍ය ආකරයට ද පසුබිම වෙනස් කම් කරගත හැක.

තවත් අළුත් අත් දැකීමක් ලෙස මෙතුවක් කල් 32 bit වලට පමනක් සහය දක් වූ ඔපෙරා මෙම 12 වන සංස්කරණය සමගින් 64bit වලටද සහාය දක්වයි.මෙය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්දති දෙක සදහාම වලංගුය.එමෙන්ම webgl සහ flash වලටද හොදින් සහයා දක්වයි.එමෙන්ම පරිගණකයේ දෘඩාන්ග සමගද හොදින් වැඩ කටයුතු කල හැක.ඔබේ profile picture එකක් upload කරන වා වෙනුවට වෙබ් කැමරාව මගින් එවලේම ඡායාරූප ගැනීමේ පහුසුවද දලසා ඇත.එමෙන්ම html5 සහ drag n drop සහයද දක්වයි.එමෙන්ම css3 සහයද ඇතුලත් විය.

ඔබට ඔපෙරා 32bit බාගන්නට මෙතන

ඔබට ඔපෙරා 64bit බාගන්නට මෙතන

Browser Test: Chrome 19 vs Firefox 13 vs Opera 12 Browser wars!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 20, 2012, in internet, software and tagged , . Bookmark the permalink. 6 Comments.

  1. වටින ලිපියක් මචන් හොදට කරගෙන යන්න.

    මෙගේ අඩ්විය- http://www.myshouter.com

  2. Chrome wage memory eka kanawada mekath…..?

  3. asanka karunarathana

    thanks siyalla4u …..ඔන්න මම ඔපෙරා 12 ම ඇවිත් comments දැම්මා

  4. යාළුවනේ හොද සයිට් එකක් මේක.මෙක කරන යාලුවා දිරිමත් කරන්න ඕන.ඒක නිසා ඔයාලා comments එකක් දාන්න.අපේ ගොඩක් අය ඔපා දූප වගේ ඒවා තියෙන ඒවාටනම් comments ඒන තරම් දානවා.ඒත් මේවගේ වැදගත් දේවල් තියෙන ඒවට comments නෑ.මේ ලගදි ගිය මවුස් එක ගැන ඊලග මයික්‍රොෙසාෆ්ට් එක ගැන තියෙන ඒවා ලේසියෙන් හොයන්න නෑ.ඒවට කොමෙන්ට් ඇත්තෙත් නෑ.ඒක නිසා ඔයාලා මෙකෙන් දෙයක් ගන්නවනම් ඊට ප්‍රති-උපකාරයක් විදියට comments දාන්න.ඒක වටිනවා.

  5. asanka karunarathana

    ඔන්න මම තමයි මුලින්ම ගන්න ඇත්තේ…කාටද ආඩම්බර..

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: