apple-ios 6


ඔයාලා කවුරුත් දන්නවනේ ඇපල්ලා ගැන.

අර බේත් විදලා විදලා පොත්ත රතුවට තියන එව්වනේ

අනේ නෑ…ඒවා දුරට ඇපල් ලගට පැපෝල් නේ

කුණුහරුප කියන්නේ නැතිව කියනවකෝ එහෙනම්

හරි එහෙනම් අහගන්නකෝ

මේක මේ අපි කවුරුත් දන්න ඇපල් සමගාමේ අළුත්ම මෙහෙයුම් පද්දතිය තමයි මේ ios 6 කියන්නේ.මේකේ මූලික අතුරු මුහුනත් සංස්කරණය ,බර වැඩියි වගේ නේද ?එහෙනම් මෙහෙම කියමුකෝ beta සංස්කරණය 2012 ජුනි 11 වෙනිදා නිකුත් කලා.මෙය සංස්කරණය වෙමින් තමයි මූලික සංස්කරණය එළියට දාන්නේ.මේකේ ගොඩක් වෙනස්කම් සහ නව අංග තියනවා.

මේ ios 6 කියන සංස්කරණය සහය දක්වන්නේ apple-3gs වලට පසුව පැමිණි උපකරණ වලට පමණයි

.දැන් බලමු මොනවද මේකේ වැඩිදියුණු කරන ලද ඇප්ස් කියලා.ලොව ප්‍රථම කෘතිම බුද්ධි වැඩසටහන ලෙස සැලකෙන apple-siri තව දුරටත් දියුණු කරලා තියනවා.එමෙන්ම siri ගේ විෂය පතය ඒ කියන්නේ නොලේජ් බේස් එකද වැඩිදියුණු කර ඇත.

facebook බාවිතයේදී අපි upload කරන ජායාරූප හා වෙනත් දේ වල් ඉතා පහසුවෙන් හැසිරිය හැකි වීම මෙම නවසංස්කරණය තුලින් දැකිය හැක.අපේ facebook ,twitter වල comments වෙනම දැකිය හැකි notification center එකේදී දැක ගත හැක.facebook apps හොදින් මැසිරිය හැකි වීම.

අළුතුම සිතියම් අත් දෑකීමක් ලබා දීම සදහා apple-ios 6 සූදානම් කර ඇත.එය 3d ලෙස පෙනෙන සිතියම්ය.පහත ජායාරූපයෙන් පැරණි සංස්කරණයේ හා නව සංස්කරණයේ සිතියම් අතර වෙනස දැක ගත හැක.

මෙය ගොඩක් වැදගත් දෙයක්,සමහර විට ඔබ රාජකාරි කටයුතු වෙලාවකදී එනවා ඇමතුමක් ඒ වෙලාවට ඔබට දුරකතනය හා සම්බන්ද වෙන්න බැරිව යනවා.ඒ වගේ වෙලාවෙදී ඔබව සම්බන්දතරගන්න ඉන්න කෙනා ඔබට නැවත ඇමතුමක් ගන්න හදනවා.මේ වගේ රාජකාරි වෙලාවකදී එන ඇමතුම් වලට කෙට් පණිවුඩයක් යවා ඔවුන්ගේ ඇමතුම ගැනීමට නොහැකී වීමට හේතුව පැහැදිය හැක.එමෙන්ම ඔබ නිදා ගන්න වෙලාවකදී එන ඇමතුම් සදහා සම්බනද නොවී සිටීමට හෝ කැමති අංකයකට පමණක් සම්බන්ද වීමට පුළුවන.එමෙන්ම ඔබ අකමැති අංක සදහා දුරකතනය නාද වීමක් නොවෙයි.මෙම පහසුකම හදුන් වන්නේ  “do not disturb” කියාය.

අන්තර්ජාලයේ සැරි සැරීමට නවතම ඇපල් සෆාරි 5.1 ඇතුලත් වේ.ඊ-මේල් හැසිරවීමේ පහසුකම වෙනදාට වඩා වේගවත් කර තිබේ.එමෙන්ම ඔබගේ ඩේඩා පාවිච්චිය පිළිබද සවිස්තර විස්තරයක්ද ලබා ගත හැක.

මෙවනි නව විශේෂාන්ග 200 ක් පමණ ඇත.මෙහි අවසාන සංස්කරණය නිකුත්කරන දිනයක් තවම නැත.

තව දුරටත් දැන ගන්න මේ video බලන්න

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 21, 2012, in apple and tagged , , . Bookmark the permalink. 3 Comments.

  1. All the best

  2. asanka karunarathana

    එලම කිරි

  3. katath kalin apita aluthma wisthar genawata obata jaya wewa

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: