masterblaster


masterblaster කියලා දැක්ක ගමන් ඔයාලට මකත් වෙන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියනේ.ඔව් අද එයාගේ වැඩ ගැන තමයි කියන්න යන්නේ.

එකත් එකට ඔයලා හිතයි මේ දවස්වල ක්‍රිකට් නොගැහැව්වට ඒ දවස්වල ගහපු ගැහිල්ල ගැනවත් කියනවද කියලා…

එහෙමත් නෙවෙයි…

ආ…..එකත් එකටම සනත් ඉන්දියාවේ නටනවනේ ඒක ගැන වෙන්නැති….

මේ දවස්වල සනත් ඉන්දියාවේ පැවැත්වෙන jhalak dikhla jaa කියන සුපිරි තරු සහබාගි වෙන dance star ගැනද….

නෑ…එක ගැනත් නෙවෙයි…

මේ යෝධයා හැමදාම …මොකක් හරි ගැන කියන්න කළින් වැල් වටාරම් කියනවා

හරි …..සමාවෙන්න…වැල් වටාරම් නැතිව කියන්නම්…

ඔයාලා දන්නවනේ සනත් ටෙරාන් ජයසූරිය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙක් තියලා.එතුමා 2010 පැවති මහ මැති වරණයෙදී මාතර දිස්ත්‍රික්කය නියෝඡනය කරා.එක්සත් ජනතා නිදහස් සන්දානයේ මතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ අපේක්ෂකයා වී මනාප 74352 ලබා ගත්තනේ.ඒත් වැඩිම මනාප ලබා ගත්තත් එතුමට ඇමතිකමක් කියා නි.ඇමතිකමක්වත් ලැබුණේ නෑ.ඒක නිසා එතුමා ඇතුළු හතර දෙනෙක් නි.ඇමතිකමක්වත් ලබා දෙන ලෙස ඉල්ලුවා.එහෙම ඉල්ලූ අය අතර අපේ කතානායකට අමතරව පාර්ලිමේන්තුවට ගිය මොලේ තියෙන එකම පුද්ගලයා මෙන්ම,දකුණේ කවටයා ලෙස පරසිද්ධ මුතුහෙට්ටි ගම,අම්පාරෙ දිස්ත්‍රික් පාර්ලිමේනුතු මන්ත්‍රී සරත් වීරසේකරහා මතලේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාය.මෙසේ නි.ඇමති කමක් වත් ඉල්ලා මෙම පිරිස පසුගිය අප්‍රේල් මස ජනාධිපති තුමන් වෙත මෙම ලිපිය යවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා නිතරම කියන කතාවක් තමයි තමන් නි.ඇමති ධූරයක්වත් නොමැතිව බොහොම අමාරුවෙන් ජීවත් වන බවයි.ඒක නිසා තමන්ට නි.ඇමතිධූරයක්වත් ලබා දෙන ලෙසයි.

සනත් ජයසූරිය පසු ගියදා ලිපියකින් ජනාධිපති තුමන් වෙත දක්වා ඇත්තේ “නියෝජ්‍ය ඇමතිධුරයක් ඉල්ලීම සම්බන්ධයෙන් තමන් කනගාටු වෙන අතර ඒ පිළිබදව සමාව ඉල්ලා ලිපියක් යවා ඇති අතර තමන්ට එවනි නි.ඇමති කමක් අනවශ්‍ය බවද දන්වා යවා ඇත.එමෙන්ම එවනි පත්වීම් ලබා දීම පිළිබදව ජනාධිපතිතුමා වෙත පවතින වරපුසාදයක් යැයි තමන්ට අවබෝද වුණු යැයි වැඩි දුරටත් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු හා ක්‍රිකට් ක්‍රීඩාවේ අද්වතීය දක්ශතාවයන් පෙන් වූ සනත් ජයසූරිය මහතා මෙසේද ජනාධිපතිතුමන් වෙත යවන ලද ලිපියේ සදහන් වේ.

“එවනි පත්වීම් ලබාදීම ඔබතුමන් සතු වරප්‍රසාදයක් බව තමන් දැන් පසක් කර ඇති අතර ,එවනි පත්වීමක් ඉල්ලීම පිළිබදව මම අතිෂය කණගාටු වෙමි.එවනි පත්වීමක් මා තවදුරටත් බලාපොරොත්තු නොවන බව ගෞරවයෙන් සදහන් කර සිටිමි.ඔබතුමාටත් රටටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි පතමි.”

සනත් මෙසේ නි.ඇමති සිහිනය අත්හැරියද මුතුහෙට්ටිගම මහතා කියන්නේ තමන්ටද ජීවත්වීම සදහා නි.ඇමති පට්ටමක්වත් ලබා දෙන ලෙසය.

මෙවනි මොන්ටිසොරි බබාලා අපේ රටේ දේශපාලනයට මැතක සිට නිතර පැමිනෙයි.ඔවුන් බබාලා නොව තොත්ත බබාලය.එයාලා අපට බබා හුකුන් පෙන්වයි.අනේ අපිත් රෑ වැටුනු වලේ දාවාලෙත් වැටීමට බලාගෙන සිටියි.

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 25, 2012, in Article and tagged . Bookmark the permalink. 2 Comments.

  1. nodanna dewal karanna giyama ohoma wenawa

  2. අයියෝ….සනා…ඔයත් පොඩ්ඩක් මොලේ චෙක් කරගන්න

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: