musical show


මේක මේ ලගදි වෙච්ච දෙයක් නෙවෙයි.දැන් ටික කලකට කලින් වෙච්ච දෙයක් හොදේ..

අද උදේ ඒකට වැඩියෙන්ම බයිට් වෙලා නාගත්ත තිළිණ අද උදේ කොල් කරලා කතාව මට ආයි මතක් වුනා.ඔයාලටත් පොඩ්ඩක් හිනා යයිද කියලා බලන්නකෝ.

අපිටනම් මේක මකත් වෙද්දි ආයි බඩ යන්න හිනා යනවා….

අපි ට ඉතින් මියුසිකල් ශෝ එකක් කියන්නේ පට්ට ආතල් සිද්දියක්.මොකද මල් මල් නංගිලත් එනවා…එයාලට ටොක් කරන්නත් පුළුවන්නේ..

තව ඉතින් එක එක දේවල් තියනවනේ…

ඔය ඔක්කොම නිසා මියුසිකල් ෂෝ කියන්නේ අපිට හෙන හැපි සීන් කොන් එකකට එන්ටර් වෙන්න පුළුවන් දෙයක් හොදේ.

මේ මියුසිකල් ෂෝ එක තිබුනේ වෙළද කාලපයක් කිට්ටුව (නම නොකියමි පැත්ත කිව්වොත් අපිට ආයි නාන්න වෙන නිසා) බෑන්ඩ් එකත් සකුරා රේන්ජ්ලා.ඒ කාලේ අජිත් මුතුකුමාරණගේ මල් මල් සිංදු වලට කෙල්ලෝ වහ හැටිලා තිබුනේ.අපිට ඉතින් බෑන්ඩ් එකෙන් වැඩක් ඇත්තෙම නෑනේ.ඒක නිසා මායි තිළිණයි,රාජුයි,අසංකයයි තමයි මේ ගමන ගියේ.වෙනදටනම් ඔහොම ගමනක් යනකොට අනිවාර්යෙන්ම නැටුම් තෙල් පොඩ්ඩක් ගන්නවා.ඒත් එදා මොකක්දෝ අවාසනාවකට අපිට ගන්න බැරි වුනා.අපි කෙළින්ම ගිහින් පිට්ටෙන්නට එන්ටර් වෙලා හොද මල් මල් කෑලි තුනත් එක්ක පොඩි එකෙක් අයිස්ක්‍රීම් වෑන් එකක් ලග ඉදන් ඉන්නවා.

මම අපේ සෙට් එකට කිව්වා යමං අයිස්ක්‍රීම් කන්න කියලා..

මුන් කියනවා සැර ජාති ඕන වෙලාවට සීතල කෑම මොකටද කියලා….

මම මල පැනලා වගේ කිව්වා උඹලට එපානම් හිටපන්…මම කනවා කියලා…

මෙන්න මංටික මගේ පස්සෙන් එනවා ….

මම ලොක්කා වගේ ගත්තා අයිස්ක්‍රීම් 4ක්..අරන් කකා ඉන්න ගමන් මගේ ඇහැ තියෙන්නෙම එතන හිටපු මලක් වගේ නංගි කෙනෙක් ළගටම තමයි..

තව එතන හිටියා ඩෙනිම් කළිසමක් ඇදන් හිටිය නංගි කෙනෙක්..

අපේ රාජුවයි කියන්නේ කට නිසා ගුටි කන නාගන්න එකෙක්..මුගේ කට නිසා සමහර දවස් වලට අපේ දතුත් තව පොඩ්ඩෙන් ගැලවිලා යන දවස් තිබිලත් තියනවා.

මූ අර නංගිව පෙන්නලා කියපි..මේ කළිසමේ ඇතුළ කාට දෙයිද බං කියලා.

ඒක ඇහිච්ච අර පොඩි කොල්ලා කියනවා  පිස්සුද අංකල් මේක අපේ පුංචිගේ කලිසම…අද මයි ගත්තෙත් තියලා..ඔයාගේ වෙන්නේ කොහොමද කියලා..

අර නංගි පොඩි එකාට එරෙව්වා…මම චංඩියා වගේ පොඩි එකාගේ කනට කරලා ඇහුවා මොකක්ද පුතේ අංකල් ඇහුවේ කියලා….

නෑ…මේ අංකල් කියනවා එයාගේ ලු කලිසම..හොද වෙලාවටයි පොඩි එකාට එහෙම ඇහුනේ…

 

අපිත් අර කෙල්ලෝ තුන්දෙනයි පොඩි එකත් එකක් අවා ස්ටේජ් එක කිට්ටුවට..අර කෙල්ලෝ තුන්දෙනයි පොඩි එකයි ඉස්සරහා අපි උන්ට පිටිපස්සෙන් ඉන්නවා…පොඩි එකා අපිත් එකක් මාර විදියට ෆිට් …කෙල්ලොත් එහෙමයි..පොඩි එකා අපෙන් එකඑක පුශ්න අහනවා …අපේ මහාචාර්ය තමයි අසංකයා තමයි…

දැන් කියන්න බලන්න පුතා මේ ලොකෙන් අපට වටිනාම සතා මොකාද කියලා…

මූ මේක ඇහුවේ පොඩි එකාව නන්නත්තාරේ කරලා අතන ඉන්න කෙල්ලෙකුට පොඩි ටොකක් දාන්න හිතාගෙන…

සිම්පල්නේ අංකල්….කුකුළා  කියලා පොඩි එකා කියපි

හරි එහෙනම් ඒ කොහොමද කියලා කියන්නකෝ..

මේකනේ අංකල් කුකාළා ඉපදෙන්න කලියෙන් බිත්තරේ බයිට් එකටයි ,ඩයිට් එකටයි දෙකටම ගන්න පුළුවන්නේ.බිත්තරෙන් එන කුකුළා ඒකත් ගන්න පුළුවන් බයිට් එකටයි,ඩයිට් එකටයි .ඒක නිසා වැඩියෙන්ම වටිනා සතා කුකුළා…

අපේ මහාචාර්යතුමාට තුංමුනින් දාඩිය දාන්න පටන් ගත්තා.මූ..මේක අහලා තිබුනෙත් පත්තරෙකින් කොපි කරලා…ඕවට තමයි කියන්නේ මහාචාර්යවරුත් නානවා කියලා.අන්තිමේදී මට තමයි පොඩි එකා බාර වුනේ..අරුන් තුන්දෙනා කෙල්ලන්ට ටොක් කරා..

මේකේ වැදගත්ම දෙය තමයි අර ඩෙනිම් කලිසම ඇදපු නංගියව තිළිණයට සෙට් වෙච්ච එක..එයාලා ලබන මාසේ බදිනවලු..දැන් උදේ තිළිණය කතා කරලා මට උන්ගේ වෙඩිමත් කිව්වා.දැන්නම් ඒ ඇම්ඩගේ පරපුරේ කොල්ලට වයස අවුරුදු 10 විතර වෙනවලු.තිලිණය අපි හැමොටම වෙඩිම කියන්න කලියෙන් මේ නාපු සිද්දිය ගැන කියලා…

තව සිද්දි වුනා..ඒව ලිව්වොත් අපි හැමොගෙම සායම දිය වෙනවා..ඒක නිසා ඒවනම් ලියන්නේ නෑ…

ඕකයි කියන්නේ පොඩි එවුන්ගෙන් වුනත් සමහර දෙවල් අහද්දි කට පිළිබදව සිතන්න කියලා….

 

                                              ජය…..වේවා…..!!!!!!!!!!!!!

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 15, 2012, in story and tagged , . Bookmark the permalink. 11 Comments.

  1. Peduratath nokiyana yaluwone inne

  2. amdage neyekda koheda

  3. මාර සිරානේ ඒ වැඩෙත්. උන් දෙන්නාට මගේ සුභ පැතුම් 🙂

    • මේකයි හොදම වැඩේ මේ ගමනෙදි කෙල්ලෙක් සෙට් වුනා කියලා තිළිණයා ඊයේ වෙනකම්ම කිව්වෙ නැති එක.අනික මූ ඊට පස්සෙත් කෙල්ලෝ බලන්න අපිත් එක්ක ගියානේ

  4. පට්ට සීන් එක මචෝ
    හොඳම සීන් එක තමා අරුන් දෙන්න බඳින්න යන කතාව

    • අපි බයේ ඉන්නේ අර ඇම්ඩන් කොළුවා අසංකයව එදත් බයිට් එකට ගනියි කියලා

  5. mokada den software nethathe

  6. ඔයින් ගියා මදැයිෙන් අතක් පයක් ෙනාකැඩි…ෙහාද වැෙඩ් ෙපාඩි ඒවුන් අල්ලන් බයිට් කරන්න යනවට

    • ඕවට තමයි කියන්නේ ගිය නුවණ ක්රේන් එකකින්වත් අද්දන්න බැරියි කියලා…..

Leave a reply to siyalla4u Cancel reply