ලයිට් ගියාම වුන දේ……..


හුටා….ලයිට් ගියානේද…

දැන් ඉතින් කරුවලේ තමයි ඉන්න වෙන්නේ….කීයට එයිද දන්නේ නෑ මල වදේ…

කියන්නෙනම් අපේ රට තමයි ..දකුණු ආසියවෙම වැඩිපුරම වෙලාවක් විදුලිය ලබා දෙන එකම රට..

ආශ්චර්ය…  (ආශ්වර්යා මීට හොදය)

අද කියන්න යන්නේ මං සුට්ටං විතර කාලේ…වෙච්ච දෙයක්..

මේක වේනකොට මට වයස අවුරුදු 6 විතර වෙන්නැති….(හෝව්..හෝව්..දැන් වෙලා කොච්චර කල්ද කියලා අහන්න එපා..)

මම ස්කොලේ ගියේ අපේ නැන්දා නෙනෙකුගේ ගෙදර ඉදන්.එහේ හිටියේ අක්කලා දෙන්නෙකුයි තව මං වගේම ඉස්කොලේ යන වයසේ හිටිය අක්කා කෙනෙක් එක්ක අපි හතර දෙනා.එතනින් අර අක්කලා දෙන්නා ඒ කියන්නේ නැන්දගේ දුවලා දෙන්නා ලොකු අක්කයි පොඩි අකක්යි කියලා තමයි කිව්වේ.අනිත් අක්කට කිව්වේ උදාගමේ අක්කා කියලා.

මාමායි නැන්දයි  දෙන්නයි ඒ කිට්ටුව තිබුන ගෙරකට ගියා.කිට්ටුවෙයි කිව්වට මීටර් 500 වැඩියි හොදේ.ඔන්න අපිත් කතා කරකර ඉන්නකොටම එක පාරටම ලයිට් ගියා.ඒ එක්කම අපිත් දොර වහලා දාලා කරුවලේම අතපත ගලා ලාම්පු හොයනවා.දැන් අපි කට්ටිය ලාම්පු හොයන කොට මං දැක්කා ජනේලයෙන් පොඩි චායාවක් වගේ දෙයක්.ඒ එක්කම දොර ඇරගෙන කවුද ඇතුලට ආවා.(මේකාලේ වෙනකොට බිල්ලෝ,හොරු ඉන්නවාය කියලා අපි අහලා තිබුනා)

ඒ එක්කම අර අක්කලා දෙන්න කෑගහන්න පටන් ගත්තා.මගේ කකුල කවුද පාගනවා වගේ දැනිලා මටත් කෑගැහුනා (බයට නෙවෙයි..රිදිලා)

අර ආපු කෙනා ගෑණු කටහඩකින් කතා කරලා කිව්වා පිස්සුද හලෝ මේ මම කියලා..

මම ඒත් කෑගහනවා…උදාගමේ අක්කා මගේ කට අතින් වැහුවා..ඒ වුනාට තාම එයාට දැනිලා නෑ මගේ කකුල පෑගීලා කියලා..

ඒ ඒකකම වාහනයක් ඇවිත් නතර කරලා ටොච් එකක් ගහලා බැළුවා..ඒ පොලිසියෙන්…පොලිස් මාමලා වගයක්…එයාලට කෑගහන ස්දෙට තමයි ඇවිත් තියෙන්නේ…

ඒ ආපු එක පොලිස් මාම කෙනෙක් කියනවා මේ ගෙට කණාමැදිරියෝ දාහක් දැම්මත් මදිය කියලා..(ඒකේ තෙරුම මම තවම දන්නේ නැත)

එයාලා ඇහුවා බය වුනේ මොකටද කියලා…එතකොට තමයි කට්ටියට මීටර් වුනේ…

ලයිට් ගිය අතරේ අපි දොර වහලා තියෙන්නේ පොඩි අක්කා එළියට දලා…අපිට අමකත වුනා පොඩි අක්කා එළියට ගියා කියලා…

 

ඕන්න ඕකයි ලයිට් ගියාම මට හැමදාම මතක් වෙන සීන් එක..අදටත් සමහර වෙලාවට ඒ අක්කලා හම්බවුනාම කොහොමද මල්ලි ලයිට් ගියාම කෑ ගහපු හැටි කියලා අහනවා…

ඒත් අපි හතර දෙනාම සෑහෙන්න කලකින් සෙට් වුනේ නැත.අපි සෙට් වුනාම රස ගුලාවකි..

තවත් ඔය වගේ කතා තියනවා…නාපුවා…බාල්දි පෙරලිච්චා…පෙරලපුවා…වගේ ඒවා

 

               ජය වෙවා…..!!!!!!!!!!!

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 17, 2012, in Article and tagged , . Bookmark the permalink. 4 Comments.

  1. ඇම්ඩා වගේ මල්ලියෙක් හිටියා නම් අක්කලා පව් 😀

  2. එල බන් එලම එල හික්ස් .. කනාමැදිරි එලි කතාව මොකක්ද බන්

    • අනේ මන්ද බං..පොලිස් මාමා තමයි කිව්වේ මේ ගෙදරට කළාමැදිරියෝ දාහක් දැම්මත් වැඩක් නෑ කියලා

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න