අයියා..කොටු පැනලා තියනවද..??????


කාලෙකින් වැල් වටාරමක් ලියන්නත් බැරි වුනා..

ඒක නිසා ලියනන් හිතුනා හේ පුංචි කතාව..

මේකේ නම දැක්ක ගමන් කියයි අමු තිත්තම තිත්ත අසික්ක්කිත සක්කිලි කතාවක් කියලා..

එහෙම නෙවෙයි ඕං…….

මේක වුනේ මම කොළඹ එක්තරා ආයතනයක වැඩ කරන කාලේ හොදේ..

ඒක ටිකක් රටේ ප්‍රසිද්ධ රෙදිපිළි සම්බන්ද ආයතනයක්..

මෙකේ වැඩට අළුතින් කස්ටිය ගත්තා.ඒ අතරින් අපේ සෙක්ෂන් එකටත් ආවා අළුතෙන් පොරක්…

බඩ මැදින් තමයි කළිසම අදින්නේ..වයස 35 විතර ඇති.මට මිනිහගේ නම මතක නෑ..

ඒ වුනාට “ග්‍රාරමසේවක මහත්තයා” කියලා තමයි මිනිහට නම වැටුනේ..ඒ නමත් මිනිහට ගානට මැච් වුනා..

වැඩට ආවේ හැමදාම වෙලාවට විනාඩියක් විතර කලින්.කෑමට ගියා විනාඩි 5ක් කලින්.කෑම කාලා ආවා විනාඩි 10 විතර පරක්කු වෙලා.වැඩ ඇරිලත් මිනිහා පුළුවන්නම් කළින් යයි.හොද වෙලාවට finger marks තිබුනේ.කෑම කෑවේ තනියම මෙසෙක ඉදන්.ෆුල් වෙජිටේරියන්.හැබැයි හොදි කනවා මම හිතන විදියට.

දැන් වැඩට ඇවිල්ලා ටික දවසකින් night shift එකට වැටුනා.ඔය shift එකේ යන අනිත් පොර තමයි බස්සා.රෑට නිදාගන්නෙම නැත.හැබැයි දවල්ට කුකුළා ගහයි.දැන් අපි රෑ 12.30 තේ බීලා කට්ටිය දැන් ග්‍රාමසේවකගෙන් එක එක ප්‍රශ්න අහනවා….දන්නවනේ ඉතින් අහන ප්‍රශ්න..

අපේ බස්සා එක පාරටම ඇහුවා…

ඈ…ග්‍රාමේ ඇත්තටම කොටු පැනලා නැද්ද කියලා.

මොකද නැත්තේ ඒ කාලේ අපි හොදට අඹ කොටු පැනලා තියෙනවා.

බස්සාට මල පැන්නා පාර

නෑ…බොල…(****)තෝ….(**) ගහලා නැද්ද කියා සුද්ද සින්හලෙන්ම අහන ලදී.

චී..චී.. මල්ලි කැත වචන කියන්නෙපා කියා කිව්වා..

දැන්නම් ග්‍රාමේද..බස්සාද එහි වැඩ නැත.එහෙත් ඉදලා හිටලා බස්සා call කරයි.එහෙම වෙලාවට අපි අහනවා

ආ…මල්ලි කොටු පැනලා තියනවද කියලා..

ඔන්න ඕකයි කතාව.මිනිස්සු එක එක වචනවල තේරුම  ට දෙන වෙනත් අරුත් නිසා තමයි ඕවා වෙන්නේ.තවත් ඔය වගේ කතාවක් තියනවා කුරුනෑගල පැත්තේ දි වෙච්ච ඒකත් කියන්නම් හොදේ..

                 ජය වේවා….!!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on October 15, 2012, in story and tagged . Bookmark the permalink. 5 Comments.

  1. කැත මිනිස්සු එක්ක හොද මනුස්සයන්ට ඉන්න බෑ

  2. ඔය වගේ වචන වලට කියන්නේ බජාර් එකේ වචන කියලා.වැදගත් මිනිස්සු ඕවා දන්නේ නැහැ 🙂

    • මිනිස්සු විවිධාකාරයි ලොකය ගොලාකාරයි කියනවනේ.ඒ වුනාට පොඩ්ඩක්වත් වටපිටාව ගැන දැන ගන්න ඕන

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: