නාමල්ගේ සමාන පද


මේක මේ වුනේ මං පොඩි කාලේ…

අපේ පංතියේ තමයි නාමල් හිටියේ..

මෙන්න එයාට පොඩියට මඩ පාරක්

 

නාමල් කියන්නේ අපේ පංතියේ හිටපු හොද බ්‍රයිට් පොරක්.කියෙව්වෙම ලොකු පොත්.මොකද මනිහා කියවන්නේම එයාගේ අක්කලාගේ අයියලාගේ පොත්.ඒ පොත් අතරේ තිබිලා පෙම් හසුනුත් මේක කියවනවා කියලා තමයි ඒ කාලේ ආරංච් වුනේ.අපිනම් පහවසරෙදි කියෙව්වෙත් තුන වසරේ පොත් තමයි.

නාමල්ට ගෙදරට කියන්නේ බේබි කියලා ඒ වුනාට අපි කිව්වේ පිටි මුට්ටේ කියලා.ඒ ගැන හරියටම කිව්ව කෙනෙකුත් ඉන්නවා.ඔන්න අපිට ඉගැන්නුවෙ මිස් කෙනෙක් තුන වසරෙදි.එයාගේ පුතණ්ඩියත් අපේ පංතියේ තමයි හිටියේ.මිසී කැමති නෑ පුතණ්ඩිය වැඩිය අපිත් එක්ක අශ්‍රයට යවන්න.එයා ට අශ්‍රය කරන්න කියලා තිබුනේ අපේ නාමල් බේබි වගේ අය තමයි.මිසී ගෙදරදි කලින් දවසේ ඔක්කොම ගෙදරදි පුතණ්ඩිට උගන්නලා තමයි අපිට කියා දෙන්නේ.ආ…අමතක වුනානේ නාමල් ගැනනේ කතාව

ඔන්න දැන් දවසක් අපිට සමාන පද ලියන්න එන්න කියලා කිව්වා.අපිත් ඉතින් දහ අතේ කල්පනා කරලා යන්තම් ලියාගෙන ගියා.නාමල් තමයි ඉතිං පුරුද්දක් විදියට ඉස්සෙල්ලෙම පොත තියන්නේ.දැන් ඉතින් මිස් සමාන පද කියවනවා

මල=පුෂ්පය

මුහුද=සයුර

අම්මා=මෑණි

තාත්තා=පියා

ගඳකිළිය=?

එක පාරටම මිස් කියවන එක නතර කරලා අපි දිහා බැළුවා.අපිටත් දැන් පුල් අන්දොස්.මූ කුණුහරපයක්වත් ලියලද කියලා.නාමල් හිනා වෙවී ඉන්නවා මහරජා වගේ.මිස් දැන් අපෙනුත් අහනවා ගදකිළිය කියන්නේ මොකක්ද කියලා.කස්ටිය ගද ගහන සේරම දේවල් ගැන කියනවා.නාමල් ගෙන් ඇහුව කියනවා

ගඳකිළිය= වැසිකිළිය

අපි ඔක්කොම හිනා වෙන්න ගත්තා.තවත් සමහරු පැන්සල කටේ ගහගෙන කල්පනා කරනවා.පුල් අන්දොස් වැඩේට.මිස් ඔන්න දේශනය පටන් ගත්තා නාමල් ගදකිළිය කියන්නේ සුගන්ධවූ කුටිය එහෙම නැත්නම් බුදුහාමුදුවෝ වැඩ හිටිය කුටිය කියන එකයි කියලා.නාමල් ආයි ෆුල් ට්‍රයි එක මිනිහා කියපු දේ හරිය කියලා පෙන්වන්න.මිනිහා කියනවා මම දැක්කා අක්කගේ පොතක තියනවා බුදුන් වහන්සේ අළුයම් කිස ගදකිළියෙන් නික්ම ලො දෙස නෙත් හෙලා බලන සේක්වා කියා.(මට මතක විදියට මෙහෙම වගේ තමයි නාමල් කියෙව්වේ)

පස්සේ ලොකු පංතිවලට උගන්වන සර් කෙනෙක් ගෙනල්ලා නාමල්ට අශිධර්මයම උගන්නලා වැඩේ පැහැදිලි කරලා දුන්නා.මිස් කොහොම හරි නාමල්ට ලොකු පොත් කියවන එකත් තහනම් කරලා නැවතුනේ.

නාමල් ගේ සමාන පද ඔහොමයි.ගෙදර බේබී ගේ පිටි මුට්ට කතාව බලාපොරොත්තු වන්න….

එතකන්

             ජය වේවා…….!!!!!!!

 

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on November 7, 2012, in story and tagged , . Bookmark the permalink. 3 Comments.

  1. චමිදු දිල්ශාන්-D5 වාහල්කඩ

    අපෝ උබල පට්ට ආතල් නේ බන් අරන් තියන්නේ (ඔහොම කිව්වට ඉතින් අපිත් එහෙම තමයි…)………

  2. හික්ස් නාමල් ලා ඔක්කොම එකයිනේ බලන් යද්දී.

Leave a reply to චමිදු දිල්ශාන්-D5 වාහල්කඩ Cancel reply