LINUX DISTROS


අදට සයිට් එක පටන් අරන් මාසයක් වෙනවා.ඒ මාසේ ඇතුළත සයිට් එක බලලා ගිය හොද නරක කියපු අයට මගේ උත්තමාචාරය.

අද කතා කරන්න යන්නේ නොමිලේ දෙන ඒවා ගැන…නොමිලේ කියන්නේ ..නොමිලේ දෙන මෙහෙයුම් පද්දති ගැන.

ඔයලා දන්නවා ඇතිනේ ජේමස් කැමරන්ගේ අවටර් කියන චිත්‍රපටිය පවා රෙන්ඩර් කරන්න අරන් තියෙන්නේ උබුන්ටු දුවන කොම්පියුටරයක් මගින් කියලා.

අද කියන්න යන්නේ මේ ලිනක්ස් කර්නලය හා එහි උපත හා ඒවා බාවිතා කරන මෙහෙයුම් පද්දතිය.

ලිනක්ස් මෙහෙයුම් පද්දති කර්නලය සුවිශේෂි එකකි.එය ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කම් කර ගත හැකිය.ඒ වගේම ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්දති ගනනාවක්ම මෙම ලිකන්ස් කර්නලය මත පිහිටා නිර්මාණය කර ඇත.මයික්‍රොෙසාෆ්ට් සමාගමේ වින්ඩෝස් හා ඇපල් සමාගමේ මැක් ඕඑස් යන මුදලට විකුණන මෙහෙයුම් පද්දති හැරුණුවිට ලොව වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දතිය.

ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධානකේත සටහන(source code) පදනම් කොට ගෙන නිර්මාණය කොට තිබෙන මෙම නොයෙක්  මෙහෙයුම් පද්දති හදුන්වන්නේ කෙටි නමකිනි.ලිනක්ස් ඩිස්ට්‍රෝස් (linux distros) කියා හදුන්වයි.එහි දිගු නම ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් (linux distributions) යන නමයි.ලෝකයේ තිබෙන හොදම මට්ටමේ ලිනක්ස් ඩිස්ට්‍රො එකක් වෙතත් එය,කුමන හෝ ආයතනයක අනුග්‍රහයෙන් දියුණුකරමින් පවතින එවාය.නැත්නම් ඊට කැමති ජනතාව විසින් දියුණු කරන ලද ඒවාය.ඊටත් අමතරව ඊට කැමති ව්‍යාපාරික ප්‍රජාව ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ඒවාය.එයට උදාහරනයක් ලෙස ස්ලැක්වෙයා මෙහෙයුම් පද්දතිය හැදින්විය හැකිය.
 

උපත…….

ලිනක්ස් යනු 1991 දී ෆින්ලන්තයේ හෙල්සිනකි විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ ලයින්ස් ටොවාල්ඩ්ස් විසින් තමන්ගේ පරිගණකය සදහා ලියූ මෙහෙයුම් පද්දති  කේතයකි.එය මුලින්ම සැලසුම් කලේ ඉන්ටෙල් 80386 ප්‍රොසෙසරයට ගැළපෙන සේය.ලයිනස් ටොවාල්ඩ්ස් එම මෙහෙයුම් පද්දති කේතය අන් අය සමග බෙදා ගත්තේය.

1983 සිට නොමිලේ දෙන සම්පූර්ණ මෙහෙයුම් පද්දතියක් වෙනුවෙන් රිචඩ් ස්ටෝල්මාන්ගේ ජීන්යූ ව්‍යාපෘතියට මෙහෙයුම් පද්දතියකට අවශ්‍ය කරන ලයිබ්‍රරීස් ,ටෙක්ස්ට් එඩිටර්ස් මෙන්ම යුනික්ස් වැනි මෙහෙයුම් පද්දති ආකෘතියක් හෙවත් ෂෝල් එකක්ද තිබුනත් කර්නලයක් තිබුනේ නැත.ඡීන්යූ වැඩසටහනට ලිනක්ස් කර්නලය සම්බන්ධ කෙරුනේ ඒ අඩුපාඩුව මග හරවමිනි.මෙහි යුනික්ස් යනුවෙන් හැදින්වෙන්නේ මෙහෙයුම් පද්දතියක සන්නිවේදන තොරතුරු තාවකාලිකව ගබඩා කිරීමට තැනූ උපක්‍රමයකි.එය කොමියුනිකේෂන්  ස්ටැක් කියා හදුන්වයි.(යුනික්ස් ගැන ඉදිරියේදී බලාපොරොත්තුවන්න)අද තිබෙන ලිකත්ස් ඩිස්ට්‍රෝස්වලට මූලාරම්භය එතනිනි.මේ මෙහෙයුම් පද්දති තනා තිබෙන්නේ ලිනක්ස් කරනලය හා ජීන්යූ ව්‍යාපෘතියේ ලයිබ්‍රරීස් ,ටෙක්ස්එඩිටර්ස්,කම්පයිලර්ස්  යන ඒවා විවිධ විදියට සම්බන්ද කිරිමෙනි.ඇතැම් විට ජීන්යූ/ලිනක්ස් කියා හදුන්වන්නේ එම නිසාය.

මේ විදියට ලෝකයේ විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්දති ඇත.ඒවායින් ජනප්‍රිය ඒවා කිහිපයකි.

උබුන්ටු(ubuntu)

ලොව ජනප්‍රියම ලිනක්ස් ඩිස්ඩ්‍රෝ එක වන්නේ උබුන්ටුය. 2004 ඔක්තෝම්බර් 20 වෙනිදා ඇමරිකාවේ කැනොනිකල් සමාගම විසින් උබුන්ටු මෙහෙයුම් පද්දතිය මුල්වරට ඉදිරිපත් කරන ලදී.එය මුලින් මාස හයකට වරක් එනම් අප්‍රේල් හා ඔක්තෝම්බර් මාස වල ඉදිරිපත් කරන ලදී.මෙම මෙහෙයුම් පද්දතිය තුළ ඔෆිස් පැකේජය,ග්‍රැෆික්,විඩියෝ,සහඕඩියෝ එඩිටිං මෘදුකාන්ගද ඇතුලත්ය.ලොවපුරා සෙනග මිලියන 15 ට ආසන්න සෙනගක් පාවිච්චි කරයි.මෙහි අළුත්ම සංස්කරණය වන 12.04 lts පසු ගියදා නිකුත් කලේය.එහි ඇති විශේෂතාවය වනුයේ එය අවුරුදු 5ක් සදහා නිකුත් කරන ලද්දකි.එම සංස්කරණය මෙතනින් බාගන්න.64 bit සදහා මෙතනින් බාගන්න

ඕපන්සස් (openSUSE)

උබුන්ටු හැරුණු විට දැනට ලොව වැඩිම දෙනෙක් පාවිච්චි කරන ලිනක්ස් මෙහෙයුම් පද්දතිය වන්නේ ඕපන්සස් ය.නවල් (novell) සමාගමේ අනුග්‍රහය ලබන ප්‍රජාව විසින් දියුණු කරයි.මෙය උබුන්ටු මෙන්ම අලංකාර ග්‍රැපික් ඉන්ටර්පේස් එකක් ඇති මෙහෙයුම් පද්දතියකි.පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට හැකි හා බාවිතා කිරීමට පහසු ලෙස සකසා ඇත.එමෙන්ම එය නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට හැක.1994 ජනවාරි මස මෙය මුලින්ම නිකුත් කරන ලදී.මෙහි අළුත්ම සංස්කරණය වන ඕපන්සස් 12.01 යි.එය ඔබට මෙතනින් ඩවුන්ලෝඩ් කරගත හැක.

ලිනක්ස්මින්ට් (linuxmint)

ලිනක්සමින්ට් පරිලණක මෙහෙයුම් පද්දතිය උබුන්ටු මෙහෙයුම් පද්දතිය පාදකකොට තැනූවකි.එහෙත් මෙහි ඉන්ටර් ෆේස් එක උබුන්ටු වලට වඩා හාත්පසින් වෙනස්ය.ඒනිසා මෙය දැනෙන්නේ වෙනමම දියුණු කරන ලද මෙහෙයුම් පද්දතියක් ලෙසය.මෙයද නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.මෙයද උබුන්ටු මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඇති පරිගණකය ඉන්ස්ටෝල් නොකොට අත්හදා බලන්නට පුළුවන.

2006 අගෝස්තු මස 27 වෙනිදා ලිනක්ස් මින්ට් පළමු සංස්කරණය අවේය.එය ඇඩා ලෙස හැදින්විය.මෙහි අළුත්ම සංස්කරණයේ අත්හදා බැලිමේ සංස්කරණය වනුයේ

“Linux Mint 13 “Maya” Xfce RC ය. එය පසුගිය ජුනි 29 වෙනිදා නිකුත් කලේය.එය ඔබට මෙතනින් බාගන්නකෝ.64 bit අවශ්‍ය අයට මෙතනින් බාගන්න හැකිය.

ෆෙඩෝරා (fedora)

රෙඩ් හැට් ලිනක්ස් මෙහෙයුම් පද්දතිය 2003 දී නවතා දැමීමෙන් පසු ෆෙඩෝරා ව්‍යපෘතිය ඇරඹිනි.රෙට්හැඩ් සමාගමේ අනුග්‍රහය ලබන ප්‍රජාව විසින් දියුණු කරයි.ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට හා ඉන්ස්ටෝල් කර පාවිච්චි කිරීමට හැකි වීම ෆෙඩෝරා ජනප්‍රිය වීමට හේතුවකි.2003 නොවැම්බර් 16 වෙනිදා ෆෙඩෝරාහි පළමු සංස්කරණය ආවේය.මෙහි අළුත්ම සංස්කරණය වනුයේ ෆෙඩෝරා 17ය.මෙය 2012 මැයි මස 29 දින නිකුත් විය.එහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ 64 bit සදහා මුල් තැන දීමය. එය බොහෝ මෙහෙයුම් පද්දති වලට වඩා ඉදිරියට යාමකි. ෆෙඩෝරා 17 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

  32 bit සදහා

64 bit සදහා

ඩෙබියන් (debian)

ලිනක්ස් කරනලය පදනම් කොට තැණුන ඩෙබියන් වැඩිම ප්‍රජාවගේ සහය ලබමින් සංවර්ධනය වන මෙහෙයුම් පද්දතියයි.මුලින්ම මෙය කමාන්ඩ් ලයින් ඉන්ටපේස් එකක් සහිතව නිකුත් විය.දැන් එය සිත් ගන්නා සුළු ග්‍රැෆික් ඉන්ටර්පේස් එකක් සහිතව එයි.මෙයද නොමිලේ ලබා ගත හැක.මෙහි අළුත්ම සංස්කරණය වන්නේ ඩෙබියන් 6.0 වේ.ඩේබියන් මුල්ම සංස්කරණය 1993 අගෝස්තු 16 වෙනිදා ඉදිරිපත් කරන ලදී.ලිනක්ස් ප්‍රවීනයන් පාවිච්චි කරනුයේ ඩේබියන් මෙහෙයුම් පද්දතිය බව ප්‍රකටය.

මැන්ඩ්‍රීවා ලිනක්ස් (mandriva linux)

1998 දී මැන්ඩ්‍රීවා ලිනක්ස් මුලින්ම නිකුත් කලේ රෙඩ් හැඩ් ලිනක්ස් 5.1 සංස්කරණය මුල් කර ගෙනය.එය පසුව මාදිලි කිහිපයකින්ම ආවේය.උබුන්ටු මෙන්ම නොමිලේ දෙන සංස්කරණය free කියා හදුන්වන අතර මුදල් ගෙවා ලබා ගත හැකි සංස්කරණය power pack කියා හදුන්වයි.ඔබට අවශය සංස්කරණය මෙතනින් ලබා ගත හැක.

පීසිලිනක්ස්ඕඑස් (pcliux os)

pclos කියා හදුන්වන්නේ මෙම පිසීලිනක්ස් මෙහෙයුම් පද්දතියයි.ඩෙක්සටොප් පරිගණකය වඩා පහසු මෙවලමක් කිරිමේ අරමුනෙන් මෙය නිපදවා ඇත.ඉතා සරල ඉන්ටෆේස් එකක් මෙහි ඇත.මෙය මුලින්ම ලිනක්ස් මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන් වෙනුවෙන් ටෙක්ස්ටා (texstar) සමාගම විසින් 2003 ඔක්තෝම්බර් මස මුලින්ම නිකුත් කරන ලදී.

පපීලිනක්ස් (puppylinux)

මෙයද ලිනකස් මෙහෙයුම් පද්දත බාවිතා කරන්නට මුලින්ම එන අය සදහා නිකුත් කරන ලද්දකි.පහසුවෙන් ඩවුන්ලොඩ් කිරීමට හැකි වීම පහළ මට්ටමේ හාඩ්වෙයාර් අවශ්‍යතා ඇති පපී ලිනක්ස් මෙහෙයුම් පද්දතියකි.එම නිසා වේගයෙන් ක්‍රියා කරයි.මනරම් ඉන්ටෆේස් එකක්ද ඇත.2009 ඔක්තෝම්බර් 17 වෙනිදා මෙහි මුල්ම සංස්කරණය ආවේය.මෙහි අළුත්ම සංස්කරණය 2012 මැයි 05 වෙනිදා Slacko Puppy නිකුත් විය.

මීට අමතරව සෙනට් ඕස්,මෙපීස්,ආච්ලින්ක්ස් යන මෙහෙයුම් පද්දතිද ජනප්‍රිය ඒවා වේ.ශ්‍රීලාංකිකකයෙකුගේ නිර්මාණයක් වන හන්තාද මෙම ලිනක්ස් කර්නලය මල පිහිටා ඇත.එය උබුන්ටුවලම අතුරු මහුනතක් වැනිය.

පොඩි සමීක්ෂණයක් සදහා ඔබ ලිනකස් මෙහෙයුම් පද්දතියක් බාවිතා කර ඇත්නම් එහි නම හා පාවිච්චිය පිලිබද පහසුකම් comments තුළ දක්වන්න.එය බොහෝවිට ඉදිරියේදී වින්ඩෝස් කොපි බාවිතා කිරීම නැවැත්වුවහෝත් එයට පෙර සූදානමක් ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් පාවිච්චි කර පුරුදු විය හැත.

නිවරදිවිය යුතු යමක් ඇත්නම් දන්වන්න…

(පොත පත හා අන්තර්ඡාලය ඇසුරෙන්)

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 7, 2012, in Article, software and tagged , . Bookmark the permalink. 6 Comments.

  1. “ලොවපුරා සෙනග මිලියන 15 ට ආසන්න සෙනගක් පාවිච්චි කරයි.මෙහි අළුත්ම සංස්කරණය වන 12.04 lts පසු ගියදා නිකුත් කලේය.එහි ඇති විශේෂතාවය වනුයේ එය අවුරුදු 5ක් සදහා නිකුත් කරන ලද්දකි.”

    අවසන් වැකියේ ඇති “අවුරුදු 5ක් සඳහ නිකුත් කරන ලද්දක්” කිව්වම, ඊළඟ සංස්කරණය නිකුත් කරන්නෙ තව අවුරුදු 5කින් කියල ලිනක්ස් වලට අලුත් හෝ ඒ ගැන මුකුත් නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ ඉඩ තියෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරුවනම් හොඳයි කියල හිතෙනවා. 🙂

    • තිළිණ මෙහෙමයි මේකේ ඊළග ප්‍රධාන සංස්කරණය දෙන්න තව අවුරුදු පහකින් තමයි.ඒත් මේ මෙහෙයුම් පද්දතියේ දැනට තියෙන බග්ස් නැති කරන්න අප්ඩේට් එවනවා.එතකොට සමහර විට වින්ඩෝස් වගේ සර්විස් පැක් 1 කියලා එන්නත් පුළුවන්.අනික මෙහි lts කියන එකෙන්ම කියන්නේ දීර්ඝ කාලින කියන එකයි.මින් ඉදිරියට බොහෝ වෙලාවට මාස හයෙන් හයට ආපු උබුන්ටු අවුරුදු පහෙන් පහට අළුත් සංස්කරණයන් එන්න පුළුවන්. ස්තුතිය තිළිණ මධුශංඛ අදහස් වලට

  2. meke thiyena dewal

  3. වින්ඩෝස් කොපි තහනම් කිරීම නම් කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    • නිශාන් ලොකේ වැඩියෙන්ම හොර කොපි වින්ඩෝස් පාවිච්චි කරන රටක් තමයි චීනය කියන්නේ.ඒ ගැන බිල් ගේට්ස් කිව්වේ නිතිවිරෝධී වින්ඩෝස් කොපි නිසා චීන ජාතිකයන් කවදාහරි අමාරුවෙ වැටෙනවා කියලා

  4. keep it up nice work machan.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න